නෙතු ගාව දඟකරන කඳුළු කැටවල සීතල අනේ නුඹටත් දැනෙනවානම්

Saturday, April 13, 2013

සුබ පැතුම

රතිංඤ්ඤා සද්දෙ හතර වටින්ම ඇහෙනවා.පුංචි පුතා ඒ සද්දෙට ගැස්සිලා ඇහැරේවි.මගේ හිත එහෙම කියද්දි මම චූටියාව මගේ පපුවට තුරුළු කරගත්තා.හිතුවා වගේම චූටියා රතිංඤ්ඤා සද්දෙට ගැස්සිලා ඇහැරුනා.එයාගෙ හිතේ අම්මගෙ තුරුලෙ ඉන්නවා කියලද කොහෙදො.හීනියට කෙදිරි ගාලා ආයිම නිදාගත්තා.
අම්මයි අක්කයි කිරිබත් හදනවා.
මට මගේ පුංචි කාලෙ මතක් වුනා.ඒ කාලෙ අම්මයි අක්කයි කිරිබත් උයද්දි මමයි තාත්තයි සාලෙ මැද චූටි කිරි මුට්ටියකින් කිරි උතුරවනවා.යාන්තමට මට හිනා ගියා පරණ දේවල් මතක් වෙලා.ඒ කාලෙ අම්මලා කිරිබත් උයන්න කලින් අපේ චුටි කිරි මුට්ටියෙ කිරි ඉතිරෙනවා.මම ඉතින් අක්කට හිනා වෙනවා කිරිබත් උයන්න කලින් අපි කිරි ඉතිරෙව්වා කියලා.
අද අක්කා එයාගෙම කැදැල්ලක අම්මා වෙලා.පුංචි නංගියා වෙලා ඉදපු මම පුංචි අම්මා කෙනෙක් වෙලා.

උදේ ඉදන්ම යාලුවො මැසේජ් එවනවා අලුත් අවුරුද්දට සුබ පතලා.
ඒත් ඔයා තවම මට සුබ පැතුවෙ නෑ.හිතට පුන්චි දුකක් නොදැනෙනවා නෙවෙයි.ඒත් අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන නැකතට මට බෑ අඩන්න .
නොනගතය ලබද්දිම මම ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් සුබ පතලා කෙටි පණිවිඩයක් වගේම ඊ මේල් එකකුත් එව්වා.
සමහරවිට ඔයා තවම දකින්නෙ නැතුවැති මම එවපු සුබ පැතුම.
ඔයා මගේ සුබ පැතුම දැකලත් අඩුම තරමේ එසේම වේවා කියලා වත් එවන්නෙ නෑ කියන ඇත්ත මගේ හිත පිළිගන්න අකමැතියි.ඒත් ඒ බව මම හොදාකාරවම දන්නවා.

ඔයාත් ඔයාගේ ගෙදර අයත් මට කොහොම සැලකුවත් 
ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සතුට පිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

නුඹේ සුබ පැතුම එනකම් බලන් ඉන්න මම
--- ඔයාගෙ රෝස මල ---

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

5 comments:

  1. duk wenna epa eyata amathaka wela neme mokak hari wadak athi.aniwa eya oyata wish karai balannako!

    oyata suba aluth awuruddak sahodari!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.අවුරුදු දවසේ පිලිගන්නවා මගේ බ්ලොග් ඒකට.
      ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  2. හැමදේම හරියාවි සහෝදරී..මම ඔයාව හොඳින් දන්න නිසා කියන්නේ..හිතන පතන විදියට ජීවිතේ ලැබේවි ලැබීමක් තියනම්..

    ReplyDelete
    Replies
    1. ඔයා මාව අදුරගෙන ඉන්නවා වැරදියි අය්යේ.මම ෆේස්බුක් එකෙත් ඒක දැක්කා.
      ලැබෙන්න තියෙනවනම් ලැබේවි.ඒත් එහෙම හිතන් හිටියොත් අපි කවදාකවත් උත්සාහ කරන්නේ නෑ ගොඩක් දේවල් ලබාගන්න

      Delete
    2. නෑ මම අඳුරගෙන ඉන්නවා හරි..ඔයා මාව අඳුරගෙන ඉන්නවා තමයි වැරදි..අපිනම් විවෘතයි..ඒ විවෘත බව තුල තමයි අපේ පැවැත්ම තියෙන්නේ..නමුත් සංවෘත බව තුලත් රැකෙන පිරිසක් ඉන්නවා

      Delete