නෙතු ගාව දඟකරන කඳුළු කැටවල සීතල අනේ නුඹටත් දැනෙනවානම්

Sunday, March 31, 2013

බලාපොරොත්තුව

චිරි චිරි සද්දෙන් කැරකෙන 
විදුලි පංකාව 
නැහැය විනිවිදයන 
බෙහෙත් ගඳ අස්සේ 
බිංදුවෙන් බිංදුව වැක්කෙරෙන 
සේලයින් බෝතලෙන්
වැටෙනවානම් එකම එක බිඳුවක්
බලාපොරොත්තුවක් දිය කරලා

ඉහ ඉද්දර හැමෝම එකතුවෙලා
හිත හැදෙන කතා දහසක් කියද්දී 
නුඹ නැති අඩුව නෙත් සොයනවා
දොරටුව ළඟ 

අත වනන  මරණය 
පණ ගැහෙන හදවතට
සමුගන්න බෑ දැන්ම 
එනවැති ඔහු  ළඟ ළඟම  

ඉසිඹුවක් අරගන්න අර අදින ජීවිතය
නවතින්න කලියෙන්
එකම එක පාරක් ඇවිත් යනවද
හිනා මලක් අරන් 
මට තියෙනවා කියන්න එකම එක දෙයක්



4 comments:

  1. එකම එක පාරක් ඇවිත් යනවද
    හිනා මලක් අරන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ.(අක්කද නංගිද මන්දා.)
      හිනා මලක් නෙවෙයි කඳුළු බින්දුවක් අරන්වත් එන එකක් නැද්ද මන්දා.

      Delete
  2. සමහරවිට කවදාවත් එන එකක් නෑ..ගොඩක් කතා ඉවර වෙන්නේ එහෙම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්.හ්ම්ම් ඔව්.මේ කතාවත් එහෙම වෙයිද මන්දා

      Delete