නෙතු ගාව දඟකරන කඳුළු කැටවල සීතල අනේ නුඹටත් දැනෙනවානම්

Sunday, March 24, 2013

පෙම් හසුන


සිව් වසරකට පෙර 
අකුරු ඇමිණූ
පොත් පිටු අතර
නුඹේ මුතු කැට අකුරින්
වදන් කල ආදරය
දැනෙනවා අදටත්
අකුරු අතරින් එන
නුඹේ සුවඳින්

නුඹට අමතක සෙනේහයේ
ලියූ කවි පද සියක් දහසක්
නුබේ වදනින් ඇසෙනවා මට
සිහිනයෙන් මෙන් කොඳුල හඩකින්

අතීතයේ එක ලස්සන දවසක
ආදරෙයි මන් කියූ දෙනෙත් නුඹ
සරසවිය බිම නෙත ගැටුනු අද දින
වෙනත බැලුවේ ඇයිද හිමියනි

මටද අකුරු කල
නුඹේ මහ මෙරක් ආදරේ
ඇයටත් පෙම් පතක 
ලියවෙන වග දැන දැනම
විඳිනවා මම 
මතක සුවද නුඹේ
ආදරය නම්  වෙන්වීමමැයි සිතා 



7 comments:

  1. ලස්සනයි..කව්ද මේ අපි නොදන්න අලුත් ඇත්ති..කොහොම වුනත් හා හා පුරා කියලා පලවෙනි ටිකාව පලකරලා සුබ පතනවා අනාගතේට වටිනා යමක් ලියන්න කියලා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජනරඟ.මම නම් ඔයාගේ බ්ලොග් දෙකම කියවනවා

      Delete
    2. අහා එහෙමද..බොහොම හොඳයි එහෙනම් ඒකෙනුත් ගත යුත්තක් ගන්න එහෙනම්

      Delete
  2. "ආදරය නම් වෙන්වීමමැයි "හරියටම හරි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොබින්.අත්දැකීමෙන් කියනවා වගෙයි

      Delete
  3. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ...
    දිගු ගමනකට ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙප් මහත්තයා.

      Delete