චිරි චිරි සද්දෙන් කැරකෙන
විදුලි පංකාව
නැහැය විනිවිදයන
බෙහෙත් ගඳ අස්සේ
බිංදුවෙන් බිංදුව වැක්කෙරෙන
සේලයින් බෝතලෙන්
වැටෙනවානම් එකම එක බිඳුවක්
බලාපොරොත්තුවක් දිය කරලා
ඉහ ඉද්දර හැමෝම එකතුවෙලා
හිත හැදෙන කතා දහසක් කියද්දී
නුඹ නැති අඩුව නෙත් සොයනවා
දොරටුව ළඟ
අත වනන මරණය
පණ ගැහෙන හදවතට
සමුගන්න බෑ දැන්ම
එනවැති ඔහු ළඟ ළඟම
ඉසිඹුවක් අරගන්න අර අදින ජීවිතය
නවතින්න කලියෙන්
එකම එක පාරක් ඇවිත් යනවද
හිනා මලක් අරන්
මට තියෙනවා කියන්න එකම එක දෙයක්
එකම එක පාරක් ඇවිත් යනවද
ReplyDeleteහිනා මලක් අරන්
ස්තුතියි අක්කේ.(අක්කද නංගිද මන්දා.)
Deleteහිනා මලක් නෙවෙයි කඳුළු බින්දුවක් අරන්වත් එන එකක් නැද්ද මන්දා.
සමහරවිට කවදාවත් එන එකක් නෑ..ගොඩක් කතා ඉවර වෙන්නේ එහෙම
ReplyDeleteස්තුතියි පැතුම්.හ්ම්ම් ඔව්.මේ කතාවත් එහෙම වෙයිද මන්දා
Delete